Wednesday, April 17, 2024

General line - 0115112241

උසස් පෙළ ප‍්‍රවේශපත්‍ර ලැබී නැත්නම් පැමිණිලි කරන්න




මෙවර උසස් පෙළ විභාගය සඳහා ප‍්‍රවේශපත්‍ර තවමත් ලැබී නොමැති නම් ඒ පිළිබඳ තමන්ට පැමිණිලි කරන්නැයි විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා උසස් පෙළ විභාග අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු කියා සිටියේ පාසල් අයදුම්කරුවන්ට විදුහල්පතිවරුන් මගින් ද පෞද්ගලික අයදුම්කරුවන්ට ඔවුන්ගේ ලිපිනවලට ද ප‍්‍රවේශ පත් ලැබීමට සලස්වා ඇති බවයි.

මෙවර උසස් පෙළ විභාගයේ ප‍්‍රවේශ පත්වල සංශෝධන සිදුකිරීමට ඉල්ලීම් කිරීම සඳහා ලබා දී ඇති කාලය ලබන 15 වෙනිදායින් අවසන් වන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

ඒ අනුව ප‍්‍රවේශ පත් ලැබුණු වහාම තමන්ගේ නම, පෙනී සිටින විෂයන් හා භාෂා මාධ්‍ය එහි නිවැරදිව සඳහන් වන්නේ දැයි හොඳින් පරීක්ෂා කරන ලෙසයි විභාග කොමසාරිස් ජනරාල්වරයා උසස් පෙළ විභාග අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටියේ.

සංශෝධන සඳහා වන ඉල්ලීම් පාසල් අයදුම්කරුවන් විදුහල්පතිවරයා මගින් ද පෞද්ගලික අයදුම්කරුවන් තමන් විසින්ම ද විභාග දෙපාර්තමේන්තුව වෙත භාරදිය යුතු වනවා.