Friday, April 19, 2024

General line - 0115112241

ද. අප්‍රිකාවට එරෙහි ශ්‍රී ලංකා සංචිතය මෙන්න




දකුණු අප‍්‍රිකානු කණ්ඩායම සමග ලබන 26 වෙනිදා ආරම්භ වන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලිය සඳහා 15 දෙනෙකුගෙන් යුත් ශ‍්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ඇන්ජලෝ මැතිව්ස් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරන අතර උප නායකයා ලෙස කටයුතු කරන්නේ දිනේෂ් චන්දිමාල්. දිමුත් කරුණාරත්න, කෞශාල් සිල්වා, කුසල් ජනිත්, ධනංජය ද සිල්වා, කුසල් මෙන්ඩිස්, උපුල් තරංග සහ රංගන හේරත් කණ්ඩායමට නම් කර තිබෙනවා.

ඊට අමතරව සුරංග ලක්මාල්, දුෂ්මන්ත චමීර, නුවන් ප‍්‍රදීප්, දිල්රුවන් පෙරේරා, ලහිරු කුමාර සහ විකුම් සංජය යන ක‍්‍රීඩකයින් ද එම සංචිතයට ඇතුළත්. තරගාවලිය ස`දහා ශ‍්‍රී ලංකා කණ්ඩායම ලබන 10 වෙනිදා දකුණු අප‍්‍රිකාව බලා පිටත්ව යාමට නියමිතයි.

මේ අතර කණ්ඩායමේ කළමනාකරු ලෙස රංජිත් ප‍්‍රනාන්දු නම්කර තිබෙනවා.