Saturday, April 20, 2024

General line - 0115112241

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට්, නෙත් නිවුස් අගයයි (VIDEO)




ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු තනතුරෙන් චරිත් සේනානායක ඉවත් කළේ ඔහුට එල්ල වූ චෝදනා හේතුවෙන් බවට පල වන මාධ්‍ය වාර්තා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ප‍්‍රතික්ෂේප කරනවා.

කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කළ චරිත් සේනානායකගේ කොන්ත‍්‍රාත්තුව ලබන සැප්තැම්බර් මාසය දක්වා තිබිය දී ඔහුව එළඹෙන දකුණු අප‍්‍රිකානු සංචාරයේ දී එම තනතුරෙන් ඉවත් කර තිබෙනවා.

ඒ වෙනුවට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ කළමනාකාරවරයා ලෙස පත්කර ඇත්තේ රංජිත් ප‍්‍රනාන්දුවයි. කෙසේ වෙතත් මෙවැනි තීරණයක් ගනු ලැබුවේ කළමනාකරුවන් මාරු කිරීමේ ක‍්‍රමවේදයක් සකස් කර තිබීම හේතුවෙන් බවයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා ඊයේ (08) පැවති මාධ්‍ය හමුවක දී ප‍්‍රකාශ කළේ.

චරිත් සේනානායක ද එම මාධ්‍ය හමුවට එක්ව සිටියා. විවිධ චෝදනා හේතුවෙන් තමන් ඉවත් කළ බවට මාධ්‍ය පල කළ වාර්තා පිළිබඳ කණගාටු වන බවයි ඔහු මෙහි දී සඳහන් කළේ. නෙත් නිවුස් මෙම සිද්ධියේ දී ක‍්‍රියාකළ ආකාරය මෙහි දී ඔහුගේ පැසසුමට ලක්වුණා.

එම සම්පූර්ණ මාධ්‍ය හමුව පහතින් බලන්න