Friday, April 19, 2024

General line - 0115112241

විදේශ සංචිත අඩුවීමට හේතුව දේශපාලන අස්ථාවරභාවය බවට විද්වත් මතයක්




මෙරට සංචිත ප‍්‍රමාණය මාස හයකට ප‍්‍රමාණවත් නොවන පරිදි පහළ යාම අහිතකර තත්වයක් බව ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය ජනත් කුමාරසිංහ පවසනවා.

ශ‍්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම සංඛ්‍යා ලේඛනවලට අනුව නොවැම්බර් මාසයේ දී මෙරට විදේශ සංචිත ප‍්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන පන්දහස් තුන්සිය පනස් අටක් දක්වා පහත වැටී තිබෙනවා.

ඔක්තෝබර් මාසයේ දී මෙරට සංචිත ප‍්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 6053 ක් ලෙස පැවතුණා. ඒ අනුව නොවැම්බර් මාසය වනවිට සංචිත ප‍්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 695කින් පහත වැටී තිබෙනවා.

දැනට පවතින්නේ මාස 03කට පමණ සෑහෙන සංචිත ප‍්‍රමාණයක් බවත් එය අහිතකර තත්වයක් බවත් ආචාර්ය ජනත් කුමාරසිංහ පවසනවා.

ඩොලරය ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමට විදේශ සංචිත යොදා ගැනීම මෙන්ම මෙරට දේශපාලන අස්ථාවරභාවය ඊට හේතු වූ බවයි ආචාර්ය ජනත් කුමාරසිංහ වැඩිදුරටත් කියා සිටියේ.