Tuesday, April 16, 2024

General line - 0115112241

ශ‍්‍රී ලංකා , පාකිස්තාන ක‍්‍රිකට් තරගයේ තුන්වන දිනය අද




ශ‍්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහ පාකිස්තාන ’ඒ’ කණ්ඩායම අතර සිව්දින ක‍්‍රිකට් තරගයේ තුන්වන දිනය අදයි.

ඊයේ (11) තරගය නතර කරන විට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙන පාකිස්තාන ‘ඒ’ කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 370ක් ලබාගෙන සිටියා.

ශ‍්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී රැස්කරගත්තේ ලකුණු 250ක් පමණයි.

ඒ අනුව පාකිස්තාන ‘ඒ’ කණ්ඩායම ශ‍්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට වඩා මේ වන විට ලකුණු 120ක් ඉදිරියෙන් සිටිනවා.

තරගය පැවැත්වෙන්නේ එංගලන්තයේ වොෂ්ටෂයර් හි කන්ටි‍්‍ර ක‍්‍රීඩාංගණයේදීයි.