Saturday, April 20, 2024

General line - 0115112241

ශ‍්‍රීපාදයට යන මාර්ගය පිරිසිදු කිරීමට ශ‍්‍රමදානයක් ඇරඹෙයි (PHOTOS)




2016 – 2017 ශ‍්‍රීපාද වන්දනා සමය වෙනුවෙන් ශ‍්‍රීපාද උඩමළුව දක්වා හැටන් මාර්ගය පිළිසකර කිරීම හා දෙපස පිරිසිදු කිරීමේ ශ‍්‍රමදානයක් අද (10) ආරම්භ කෙරුණා.

මෙම ශ‍්‍රමදානය සංවිධාන කර තිබෙන්නේ හැටන් දික්ඔය නගර සභාව, හැටන් පොලිසිය, හැටන් නගරයේ වෙළෙඳ ප‍්‍රජාව සහ ප‍්‍රදේශවාසීන් එක්වයි.

2016 – 2017 ශ‍්‍රීපාද වන්දනා සමය ලබන 13 වෙනිදාට යෙදී ඇති උඳුවප් පොහෝ දිනයෙන් ආරම්භ වනවා. ඒ වෙනුවෙන් සදාතුක කරඬුව, සමන් දේව ප‍්‍රතිමාව සහ දේවාභරණ පැල්මඩුල්ල ගල්පොත්තාවල රජමහා විහාරයේ සිට ශ‍්‍රීපාද උඩමළුව දක්වා වැඩම කරවීමට නියමිතයි.

sripada-www-nethnews-lk001 sripada-www-nethnews-lk002 sripada-www-nethnews-lk003 sripada-www-nethnews-lk004 sripada-www-nethnews-lk005 sripada-www-nethnews-lk006 sripada-www-nethnews-lk007 sripada-www-nethnews-lk008