Friday, April 19, 2024

General line - 0115112241

නැරඹුම් මැදිරිය එන්ජිම නැරඹුම් මැදිරිය වෙයි




ලෝකයේ බොහෝ රටවලත් ශ්‍රී ලංකාවේ සෙසු දුම්රිය වලත් නැරඹුම් මැදිරි අමුණනු ලබන්නේ දුම්රිය වල පසු පසිනි.
ඒ අවට සිරිය නැරඹීම පිණිසය.

දේශීය හා විදේශීය මගීන් විශාල මුදලක් ගෙවා නැරඹුම් මැදිරියක ආසනයක් වෙන් කරගනු ලබන්නේද තමන් ගමන් කරන පළාතේ ඇති අපූර්ව සුන්දරත්වය විදගැනීමටත් සිය දරුවන් සමග විනෝදාස්වාදයක් ලබා ගැනීමේ අරමුණින්ය.
නමුත් යාපනයේ සිට කොළඹ කොටුවටත් කොළඹ කොටුවේ සිට යාපනයටත් දිනපතා ගමන් ගන්නා යාල්දේවී ශීග්‍රගාමී දුම්රියේ නැරඹුම් මැදිරිය එක් ගමන්වාරයකදී අමුණා ඇත්තේ දුම් රියේ එන්ජිමට යාබදවය.

මේ නිසා නැරඹුම් මැදිරියේ කවුළු වලින් ඈත බලන ඕනෑම අයෙකුට දැක ගත හැකි වන්නේ දුම්රිය එන්ජිම පමණකි.
අධික මුදලක් ගෙවා ප්‍රවේශ පත්‍ර ලබා ගන්නා මගීන්ට දුම්රිය එන්ජිමත්,එහි ශබ්දයත්, එන්ජිමේ දුමාරයත් මිස අවට සිරියාව නැරඹීමට අවස්ථාවක් හිමි නොවේ.

මේ පිළිබදව දුම්රිය නිලධාරීන් සිය නිදහසට හා ගැලවිල්ලට බොහෝ තාක්ෂණික ගැටළු ඉදිරිපත් කළ හැකිය. නමුත් දුම්රිය දෙපාර්තමේන්තුව අධික මුදලක් ගෙවා නැරඹුම් මැදිරි වෙන් කරගන්නා මගීන්ට සාධාරණය ඉෂ්ඨ කිරීම අනිවාර්යෙන්ම කළ යුත්තකි.

yaal-www-nethnews-lk001 yaal-www-nethnews-lk002