Wednesday, April 24, 2024

General line - 0115112241

FCIDය මනූෂටත් ගැටළුවක්



පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමත් සමග දූෂණ විරෝධී විමර්ශනවල ස්වාධීනත්වය සම්බන්ධයෙන් නැවත වරක් කතාබහක් ඇති වී තිබෙනවා.

ඊයේ (11) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්.එම්. අන්ලිමිටඞ් වැඩසටහනට සහභාගි වෙමින් නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සම්බන්ධයෙන් තමන්ට ද ගැටළු පවතින බවයි.

මෙම වැඩසටහනට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සොයිසා මහතා කියා සිටියේ තමන්ගේ මතයට අනුව නීති විරෝධී ආයතනයක් වුවත් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ඒකාබද්ධ විපක්ෂය ඉදිරියේදී පිහිටුවන ආණ්ඩුවක් යටතේ ද එලෙසම පවත්වා ගන්නා බවයි.

අන්ලිම්ටඩ් සම්පූර්ණ වැඩසටහන පහතින් අහන්න