Thursday, April 25, 2024

General line - 0115112241

විරාට් කෝලිගෙන් තවත් ද්විත්ව ශතකයක්




එංගලන්තය සමග පැවැත්වෙන සිව්වන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ ඉන්දීය පළමු ඉණිම වෙනුවෙන් ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට ඉන්දියාවේ විරාත් කෝලි අද (11) සමත් වුණා.

ඔහු සිය ද්විත්ව ශතකය වාර්තා කළේ පන්දු 302 ක් තුළයි. ඊට හතරේ පහර 23 ක් ඇතුළත්. අටවන කඩුල්ල වෙනුයෙන් කෝලී සහ ජයන්ට් යාදෙව් අතර ලකුණු 241ක වාර්තාගත සබඳතාවක් ගොඩනැගීම ද අද සිදු වූ විශේෂත්වයක්.

එය ඉන්දියානු පිතිකරුවන් දෙදෙනෙකු අටවන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ වැඩිම ලකුණු සබඳතාවයි. තරගයේ පළමු ඉණිම වෙනුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය සියලු දෙනා දැවී ලකුණු 400 යි.

256166 256168 256171 256173