Thursday, March 28, 2024

General line - 0115112241

ගෝඨාභයගේ හමුදා ආරක්ෂාවෙන් කොටසක් ඉවත් කෙරේ




හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හමුදා ආරක්ෂාවෙන් කොටසක් අද (12) ඉවත් කෙරෙනවා.

ඒ වෙනුවට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් අනියුක්ත කිරීමට නියමිතයි.

තමන්ට සපයා ඇති හමුදා ආරක්ෂාව ඉවත් නොකරන ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා මීට පෙර ඉල්ලීමක් කළා.

කෙසේ වෙතත් කිසියම් තැනැත්තෙකුගේ ආරක්ෂාව සඳහා යොදවන්නේ කවුරුන්දැයි තීරණය කරන්නේ ආරක්ෂක මණ්ඩලය විසින් බවයි ආරක්ෂක අමාත්‍යංශය කියා සිටියේ.