Thursday, April 18, 2024

General line - 0115112241

පැල්මයිරා නගරය අයි. එස්. සටන්කාමීන් නැවත අත්පත් කරගනී




සිරියාවේ ඓතිහාසික පැල්මයිරා නගරය අයි. එස්. සටන්කාමීන් විසින් නැවත අත්පත් කර ගෙන තිබෙනවා.

එම නගරය අයත් ප‍්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා පැවසුවේ රජයේ හමුදාවන් නගරයෙන් පිටත ප‍්‍රදේශයක නැවත සංවිධාන වෙමින් සිටින බවයි.

ඉකුත් වසරේ මැයි මාසයේ දී අයි. එස්. සටන්කාමීන් පළමු වරට පැල්මයිරා නගරය අත්පත් කර ගත්තා.

ඔවුන්ගෙන් එය මුදා ගැනුනේ මෙම වසරේ මාර්තු මාසයේදීයි. ඒ වනවිට එහි තිබුණු ඓතිහාසික වටිනාකමක් සහිත ඉදිකිරීම් රැසකට අයි. එස්. සටන්කාමීන් විසින් හානිකර තිබුණා.