Thursday, March 28, 2024

General line - 0115112241

නාවික හමුදාවෙන් මුදාගත් එක් නැවක් තවම වරායේ…




හම්බන්තොට මාගම්පුර වරායේ සේවකයින් විසින් සිරකරගෙන සිට පසුව නාවික හමුදාව විසින් බේරා ගැණුනු නෞකා දෙකෙන් එකක් තවමත් එම වරායේ නැංගුරම් ලා තිබෙනවා. එහි ඇති භාණ්ඩ තවමත් ගොඩ බා අවසන් කර නොමැති බවයි නාවික හමුදාව පැවසුවේ. එම භාණ්ඩ ගොඩබා අවසන් කරන තෙක් නෞකාව පිටත් කර හැරිය නොහැකි බව ද ප‍්‍රකාශ කෙරුණා. බේරා ගැණුනු අනෙක් නෞකාව පෙරේදා පස්වරුවේ පිටත්කර හැරුණු බවයි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.

වරායේ ආරක්ෂාව සඳහා නාවික හමුදාව තවදුරටත් එහි රැඳී සිටින බව නෙත් නිවුස් වාර්තාකරු පවසනවා. සේවකයින් ද වරාය ප‍්‍රධාන පිවිසුම් ගේට්ටුව අසළින් තවමත් පිටව ගොස් නැහැ.