Thursday, April 25, 2024

General line - 0115112241

සිවිල් ඇඳුමින් ඇවිත් කරපු වැඩේ ගැන ප්‍රශ්නයක් තියෙනවා




හම්බන්තොට මාගම්පුර වරායේ සේවකයින් සිදුකළ උද්ඝෝෂණය අතරතුර මාධ්‍යවේදියෙකුට සිදුවූ බව කියන පහරදීම සම්බන්ධයෙන් අද (12) අමාත්‍ය විජේදාස රාජපක්ෂ අදහස් පළ කළා.

එහිදී ඔහු සඳහන් කළේ මෙම සිදුවීමේ සත්‍ය දැන ගැනීම සඳහා සිදු කෙරෙන පරීක්ෂණ අවසන් විය යුතු බවයි.

නාවික හමුදාපතිවරයා අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් කරනතුරු බලා සිටීමට සිදුවන බවද අමාත්‍ය විජේදාස රාජපක්ෂ ප‍්‍රකාශ කළා.

එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ “ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය අපි රජයක් ලෙස පිළිගන්නවා. නාවික හමුදාපතිතුමා තවම මේ ගැන ප්‍රකාශයක් කරලා නැහැ.. මොන තත්ත්වයක් යටතේද මේ දේ කරේ කියලා. එතුමා සිවිල් ඇඳුමෙන් ඇවිල්ලා..එම කටයුත්ත කිරීම පිළිබඳව බරපතල ප්‍රශ්නයක් තියෙනවා.” යනුවෙනි.