Thursday, April 25, 2024

General line - 0115112241

ලොව ලොකුම නත්තල් ගසට යළි පණ දුන්නේ අගමැති




ගාලු මුවදොර පිටියේ ඉදි කෙරෙන ලොව විශාලතම නත්තල් ගසේ ඉදිකිරිම් කටයුතු යළි ආරම්භ කෙරුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතාගේ උපදෙස් පරිදි බව වරාය හා නාවික අමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.

එම වැඩකටයුතු අඛණ්ඩව සිදු කරන ලෙස වරාය අමාත්‍ය අර්ජුන රණතුංගට මේ අනුව උපදෙස් ලැබී ඇති බවයි එහි සංවිධායක කමිටුවේ සභාපති මංගල පී. ගුණසේකර මහතා පෙන්වා දෙන්නේ.

අගමැති රනිල් වික්‍ර‍මසිංහ මහතා සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක ඊයේ (11) දිනයේදී අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමුවී තිබෙනවා. මෙම හමුවේදී ලොව විශාලතම නත්තල් ගස ගැන අවධානය යොමුව තිබෙනවා. ඉන් අනතුරුව මෙම වැඩ කටයුතු නැවත ආරම්භ කිරීමට පියවර ගැනුනා.

 

%e0%b6%bd%e0%b7%9c%e0%b7%80-%e0%b7%80%e0%b7%92%e0%b7%81%e0%b7%8f%e0%b6%bd%e0%b6%ad%e0%b6%b8-%e0%b6%b1%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b6%bd%e0%b7%8a-%e0%b6%9c%e0%b7%83%e0%b7%9a-%e0%b7%80%e0%b7%90