Friday, March 29, 2024

General line - 0115112241

වර්ධා ඉන්දියාවට දරුණු වෙයි




වර්ධා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් ඉන්දියාවේ ගිනිකොනදිග වෙරළ කලාපයේ දහස් සංඛ්‍යාත පිරිසක් ඉවත් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

මේ වන විට සුළි කුණාටුවේ වේගය පැයට කිලෝමීටර් 120කට අධිකයි.

මේ හේතුවෙන් තමිල්නාඩු සහ අන්ද්‍රා ප‍්‍රදේශ් යන ප‍්‍රාන්තවලට ධාරාණිපාත වැසි සහ සුළං තත්ත්වයක් ද හටගෙන තිබෙනවා.

හදිසි තත්ත්වයකට මුහුණදීම සඳහා නාවික හමුදාව සහ එරට ජාතික ආපදා කළමනාකරණ බළකායේ කණ්ඩායම් ද දැනටමත් සූදානම් කර අවසන්.

බලපෑම් එල්ල වෙතැයි සැලකෙන ප‍්‍රදේශයේ ගමනාගමන කටයුතු ද සීමා කර ඇති අතර තමිල්නාඩු ප‍්‍රාන්තයේ පාසල් ද වසා දමා තිබෙනවා.

_92928836_mediaitem92928835 _92928877_mediaitem92928876 _92930971_fa8528b8-2c24-4861-8155-88fe109c312e _92930975_img-20161212-wa0095