Friday, March 29, 2024

General line - 0115112241

ආණ්ඩුවේ 28 ක් ගැන ඒකාබද්ධ විපක්ෂය බලාපොරොත්තුවෙන්




නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අදාළ ඡන්ද විමසීමේ දී ආණ්ඩුවට සම්බන්ධ මන්ත‍්‍රීවරුන් 28 දෙනෙකු ඒකාබද්ධ විපක්ෂයට සහය පල කිරීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල පවසනවා.

ඔහු කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ සහය ද තම පාර්ශවයට ලැබෙනු ඇති බවයි.

ඡන්ද විමසීමේ දී ආණ්ඩුවට බහුතර බලයක් ලබානොදීම ඒකාබද්ධ විපක්ෂයේ අරමුණ බවයි මන්ත‍්‍රීවරයා මාධ්‍ය හමුවේ වැඩිදුරටත් කියා සිටියේ.

අයවැය ඡන්ද විමසීමට සහභාගී නොවුණ ද නව ව්‍යවස්ථාවට අදාළ පාර්ලිමේන්තු ඡන්ද විමසීමේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අනිවාර්යයෙන් ඡන්දය ප‍්‍රකාශ කරනු ඇති බවයි එහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා.