Saturday, April 20, 2024

General line - 0115112241

ශ‍්‍රීපාද වන්දනා සමය ඇරඹීමත් සමග විශාල පිරිසක් ශ‍්‍රීපාද මළුවට (PHOTOS)




ශ‍්‍රීපාද වන්දනා සමය ආරම්භ වීමත් සමග විශාල වන්දනාකරුවන් පිරිසක් මේ වනවිට ද ශ‍්‍රීපාද මළුවට පැමිණෙමින් සිටිනවා.

2016-2017 වර්ෂය සඳහා ශ්‍රී පාද වන්දනාවාරය අද (13)උදෑසන7.00 ට යෙදුනු සුභ නැකතට අනුව ආරම්භ වුණා.
ඒ ශ්‍රී පාදස්ථානාධිපති ඌවවෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති බෙංගමුවේ ධම්මදින්න හිමියන්ගේ ප‍්‍රධානත්වයෙනුයි.

පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ‍්‍රීපාද රජමහ විහාරස්ථානයේ සමන් දේවාලයේ තැන්පත් කර තිබූ සාධාතුක කරඬුව, සුමන සමන් දේව ප‍්‍රතිමාව සහ දේවාභරණ ශ‍්‍රීපාද මළුවේ තැන්පත් කිරීමත් සමගයි මෙවර ශ‍්‍රීපාද වන්දනා සමය ආරම්භ වුණේ.

මේ අතර මෙවර ශ‍්‍රීපාද වන්දනා සමයේ දී පොලිතීන් රැගෙන ඒම වැළැක්වීම සඳහා ආරම්භ කර ඇති විශේෂ වැඩපිළිවෙල ද මේ වනවිට ක‍්‍රියාත්මකයි.

ඒ අනුව වන්දනාකරුවන් විසින් රැගෙන එනු ලබන පොලිතීන්, ශ‍්‍රීපාද උඩමළුව දක්වා ස්ථාන කිහිපයක දී පොලිසිය සහ මහජන පරීක්ෂකවරුන් සිය භාරයට ගැනීමටයි කටයුතු යොදා ඇත්තේ.

ඒ වෙනුවට වන්දනාකරුවන් සඳහා දිරාපත් වන විශේෂ බෑගයක් නොමිලේ ලබාදෙනවා.

sripada-www-nethnews-lk001 sripada-www-nethnews-lk002 sripada-www-nethnews-lk003 sripada-www-nethnews-lk004 sripada-www-nethnews-lk005 sripada-www-nethnews-lk006 sripada-www-nethnews-lk007 sripada-www-nethnews-lk008 sripada-www-nethnews-lk009 sripada-www-nethnews-lk010 sripada-www-nethnews-lk011 sripada-www-nethnews-lk012