Wednesday, April 24, 2024

General line - 0115112241

අඩාල වූ ශ‍්‍රී ලංකා – චෙන්නායි ගුවන් ගමන් යළි ඇරඹේ




ශ‍්‍රී ලංකාව සහ චෙන්නායි අතර ගුවන් ගමන් මේ වනවිට යළි ආරම්භ කර තිබෙනවා.

වර්ධා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් චෙන්නායි දක්වා ගුවන් ගමන් තාවකාලිකව නතර කෙරුණේ ඊයේ (12) දිනයේයි.

අද සිට එම ගුවන් ගමන් යළි ආරම්භ කළ බවයි ශ‍්‍රී ලංකා ගුවන් සමාගම පැවසුවේ.

එහි මාධ්‍ය කළමනාකරු දීපාල් පෙරේරා සඳහන් කළේ දෙදහසකට ආසන්න මගීන් පිරිසක් ශ‍්‍රී ලංකාවේ සිට චෙන්නායි බලා යාමටත් චෙන්නායි සිට ශ‍්‍රී ලංකාව වෙත පැමිණීමටත් අපේක්ෂාවෙන් සිටින බවයි.

මේ අතර වර්ධා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් මුලතිව් ඇතුළු උතුරු ප‍්‍රදේශයේ ධීවර ජනතාව අද දිනයේ ද ධීවර කටයුතු සඳහා මුහුදු ගියේ නැහැ.

ඔවුන් ඉකුත් දින 03 පුරාම මුහුදු නොගිය බවයි නෙත් නිවුස් වාර්තාකරු ප‍්‍රකාශ කළේ.

මේ හේතුවෙන් මුලතිව් දිස්ත‍්‍රික්කයේ පමණක් ධීවර පවුල් හාරදහස් පන්සියයක පමණ පිරිසකට පීඩා එල්ල වී ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.