Tuesday, April 23, 2024

General line - 0115112241

මැතිව්ස් පන්දුව අතට ගැනීමට සූදානම්




ඉදිරියේ දී තම පන්දු යැවීම සම්බන්ධයෙන් වැදගත් තීරණවලට එළඹීමට සූදානම් බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජිලෝ මැතිව්ස් පවසනවා.

කෙසේ වෙතත් තමාගේ ආබාධය සුව වී ඇති බැවින් දකුණු අප‍්‍රිකානු සංචාරයේ දී වැඩි වශයෙන් පන්දු යැවීමට සූදානම් බවයි මැතිව්ස් පවසන්නේ.

විශේෂයෙන්ම ආසියානු රටවල තණතීරුවල දී පන්දු යැවීම සීමා කිරීමට අපේක්ෂා කරන බව ඔහු කියා සිටියා.

එහෙත් දකුණු අප‍්‍රිකාව, ඕස්ටේ‍්‍රලියාව, එංගලන්තය වැනි දෝලනයක් සහ වේගයක් සහිත තණතීරුවල වැඩි වශයෙන් පන්දු යැවීමට සූදානම් බවයි ඇන්ජලෝ මැතිව්ස් වැඩිදුරටත් ප‍්‍රකාශ කර ඇත්තේ.