Friday, April 19, 2024

General line - 0115112241

සැකකරු සමග පොර බැද්ද පොලිස් නිලධාරියා මරුට




පළා යමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යෑමේදී ඇති වූ පොර බැදීමක් හේතුවෙන් තුවාල ලත් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සැකකරු හා පොර බදන අවස්ථාවේ තුවාල ලබා රෝහල්ගත කළ මහනුවර පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරියෙකුයි මෙලෙස මිය ගොස් ඇත්තේ.

නෙත් නිවුස් වාර්තාකරු පැවසූවේ මහනුවර මූලස්ථාන පොලිස් ස්ථානයේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ සේවය කරන 53 හැවිරිදි උප පොලිස් පරීක්ෂකවරයෙකු මෙලෙස මිය ගොස් ඇති බවයි.

මුදල් වංචාවකට සම්බන්ධ වරේන්තුකරුවෙකු අත්අඩංගුවට ගැනීමට අද (13) අළුයම සිදු කෙරුණු වැටලීමකදී අදාළ සැකකරු පළා යාමට උත්සහ කර තිබෙනවා.

එහිදී සැකකරු අල්ලා ගැනීමට තැත් කළ අවස්ථාවේ මෙම නිලධාරියා බිම ඇද වැටී තුවාල ලබා ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසූවේ. අසාධ්‍ය තත්ත්වයෙන් පේරාදෙණිය රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ ඔහු මිය ගොස් ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.