Friday, March 29, 2024

General line - 0115112241

නාවික හමුදාව හම්බන්තොට මෙහෙයුම් අරඹයි (PHOTOS)




නාවික හමුදාව විසින් මේ වන විට හම්බන්තොට වරායෙන් මෝටර් රථ 1086 ක් නැව්ගත කිරීමට සහය ලබා ‍දී තිබෙනවා.

පසුගිය දෙසැම්බර් 07 වැනි දින හම්බන්තොට වරාය සේවකයින් විසින් දියත් කරන ලද විරෝධතා ව්‍යාපාරයට අද (13) වන විට දින 7 ක් සම්පුර්ණ වනවා. මෙමගින් හම්බන්තොට වරායේ දෛනික කටයුතුවලට විශාල වශයෙන් බාධා එල්ල වී තිබුණා.  දෙසැම්බර් 10 වැනිදා උද්ගත වු හදිසි තත්ත්වය නාවික හමුදාව විසින් පාලනය කළ අතර එමගින් වරායේ ආරක්ෂාව තහවුරු කර අනෙකුත් කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට හැකි වූ බවයි නාවික හමුදා මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ.

එමෙන්ම වරායේ විදුලි ජනක යන්ත්‍ර සහ විදුලි පද්ධතිවල කඩාකල්පල්කාරි ලෙස කර තිබු නොයෙකුත් විදුලි විසන්ධි කිරිම් සහ යන්ත්‍රෝපකරණවලට හානි පැමිණෙන ලෙස යොදා තිබු නොයෙකුත් බාධක ඉවත් කිරිමට සහ ප්‍රකෘති තත්ත්වට පත් කිරිමට නාවික හමුදා නිලධාරීන්ට සහ නාවිකයන්ට මහත් පරිශ්‍රමයක් දැරිමට සිදු වූ බවත් පෙන්වා දෙනවා.

හම්බන්තොට වරාය සේවකයින් විසින් සිදු කළ මෙම කඩාකප්පල්කාරි වැඩ වර්ජනය නිසා වරායේ කටයුතු අඩපන විම තුළින් ශ්‍රී ලංකා රජයට සිදු විමට තිබු විශාල ආලාභයක් නාවික හමුදාව මැදිහත් විමෙන් වලක්වා ගැනිමට හැකි වූ බවයි නාවික හමුදාව වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.

මේ අනුව වාහන ප්‍රවාහන නෞකාවක් වන “ග්ලෝවිස් ෆීනික්ස්” නෞකාවට කාර් සහ ජීප් රථ 1086 ක් පැටවිමට නාවික හමුදාව අද (13) කටයුතු ආරම්භ කළා. මෙම දකුණු කොරියානු වාහන ප්‍රවාහන නෞකාව දෙසැම්බර් 11 වැනි දින හම්බන්තොට පිටත වරායට ප්‍රවිෂ්ඨ වුවක්.

එය අද  වාහන පැටවිම සඳහා හම්බන්තොට වරායේ ජැටිය වෙත පැමිණියා. ඒ අනුව කඩිනම්ව  සහ කාර්යක්ෂමව රථ වාහන පැටවිමේ කටයුතුවලින් අනතුරුව හෙට (14) මෙම නෞකාව එහි ඊලග නැවතුම් වරාය වන දකුණු අප්‍රිකාවේ ඩර්බන් වරාය වෙත පිටත් විමට නියමිතයි.

1 2 3 4 5 8 9 10