Friday, March 29, 2024

General line - 0115112241

අන්තරේ කැඳවුම්කරු නිදහස් කරන්නැයි ඉල්ලා උද්ඝෝෂණ




රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර වහා නිදහස් කරන්නැයි ඉල්ලමින් විශ්ව විද්‍යාල කිහිපයක් ඉදිරිපිට අද උද්ඝෝෂණ පැවැත්වෙනවා.

වයඹ විශ්ව විද්‍යාලය, රජරට විශ්ව විද්‍යාලය, සෞන්දර්ය විශ්ව විද්‍යාලය, අග්නිදිග විශ්ව විද්‍යාලය, කොළඹ වෛද්‍ය පීඨය සහ රාගම වෛද්‍ය පීඨය මෙලෙස උද්ඝෝෂණ පැවැත්වෙන ස්ථාන කිහිපයක්. නයිවල, කුරුණෑගල සහ තංගල්ල එච්.එන්.ඩී.ඒ. ආයතනය ඉදිරිපිට උද්ඝෝෂණ සිදුකෙරෙනවා.

ලහිරු වීරසේකර අත්අඩංගුවට ගැනීම මගින් ආණ්ඩුව, අධිකරණය සහ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් අතර අනවශ්‍ය ගැටුමක් ද නිර්මාණය කර තිබෙන බවයි මෙම උද්ඝෝෂණවලදී ප‍්‍රකාශ කෙරෙන්නේ.

මෙවැනි උද්ඝෝෂණ ඉදිරියේදී ද සංවිධාන කරන බව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය කියා සිටියා.

SAM_6709 SAM_6710