Tuesday, April 23, 2024

General line - 0115112241

බෞද්ධයෙක් නම් බෞද්ධකම පෙන්වන්න




පිරිහෙමින් පවතින සමාජය නිසි මගට යොමු කිරීමට හැකි එකම දර්ශනය බෞද්ධ දර්ශනය බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ මහනුවර නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය සඟ සතු කිරීමේ උත්සවයට අද (13) සහභාගි වෙමින්.

සමාජය සන්සුන් කිරීමට බෞද්ධ දර්ශනයෙන් පෙන්නුම් කරන මාර්ගය අදත් හෙටත් වර්ධනය විය යුතු බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

බෞද්ධ ජනතාව සතු වගකීමක් ද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළා. සෑම බෞද්ධයෙක්ම චරිතයෙන් බෞද්ධකම පෙන්නුම් කළ යුතු බවයි එහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.