Friday, March 29, 2024

General line - 0115112241

ධාතු නමස්කාරයේ තෙවන දිනය අද (UPDATE)




නෙත් එෆ්.එම්. රේඩියෝවේ සංවිධාන ශක්තියෙන් නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්වෙන අසිරිමත් ධාතු නමස්කාරයේ 3 වන දිනය අදයි. පස්වරු 3.00 සිට මධ්‍යම රාත‍්‍රිය දක්වා ධාතූන් වහන්සේ දැක වැඳපුදා ගැනීමේ අවස්ථාව සැදැහැවතුන්ට  හිමිවනවා.

පිළියන්දල තුම්බෝවිල ශාන්ති නිකේතනයේ පූජ්‍ය වල්පොල ගෝතම හිමියන් විසින් මෙහෙයවන විශේෂ සිත් නෙත් අසපුව වැඩසටහනක් ද නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී හෙට (17) පැවැත්වෙනවා.

රාත‍්‍රී 7.00 සිට 9.00 දක්වා පැවැත්වෙන මෙම වැඩසටහන නෙත් එෆ්.එම්. රේඩියෝව ඔස්සේ සජීව ලෙස ප‍්‍රචාරය කිරීමට ද නියමිතයි.

මීට සහභාගි වීම සඳහා සැදැහැ සිතින් නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට පැමිණෙන්නැයි පූජ්‍ය වල්පොල ගෝතම හිමියන් ද සියලු සැදැහැවතුන්ට ආරාධනයක් කළා.


ධාතු නමස්කාරයේ දෙවන දිනය අද

(Dec 15, 2016 @ 07:03)

 

නෙත් එෆ්.එම්. රේඩියෝව නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ සංවිධාන කරන මහා ධාතු නමස්කාරයේ අද (15) දෙවන දිනයයි.

ලබන 18 වැනිදා දක්වා මෙම ධාතු නමස්කාරය සිදු කෙරෙනවා. සවස තුනේ සිට මධ්‍යම රාති‍්‍රය දක්වා නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට පැමිණ ධාතූන් වහන්සේ සියැසින් දැක වැදපුදා ගතහැකියි.

(එය අළලා නෙත් නිවුස් සකස් කළ විශේෂාංගයක් පහතින් දැක්වෙයි.)


නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ධාතු ප්‍රදර්ශනය අද ඇරඹේ

(Dec 14, 2016 @ 12:03)

බුදුරජාණන් වහන්සේගේ සහ මහරහතන් වහන්සේගේ ධාතූන් වහන්සේ වැඩිම ප‍්‍රමාණයක් එකවර වැඳපුදා ගැනීමේ උතුම් වූ අවස්ථාව නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී අද (14) සිට මෙරට බොදු ජනතාවට උදා වනවා.

මෙම අවස්ථාව මෙරට බෞද්ධ ජනතාවට උදාවන්නේ නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදිකළ ශ‍්‍රී ශාක්‍යසිංහ සුගන්ධ කුටිය සම්බුදු සසුනට පූජා කිරීම නිමිති කරගනිමින්.

අද සිට ලබන 18 වෙනිදා දක්වා පස්වරු 3.00 සිට මධ්‍යම රාත‍්‍රිය දක්වා ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට මෙහිදී අවස්ථාව ලබා දී තිබෙනවා.

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය සමග එක්ව නෙත් එෆ්.එම්. රේඩියෝව මෙම පිංකම සඳහා දායකත්වය ලබාදෙනවා.