Friday, April 26, 2024

General line - 0115112241

සප්තකන්‍යා කන්දේ මං මුළාවූවන් මුදා ගැනේ




සප්ත කන්‍යා කඳුවැටියේ අතරමංවූ පිරිස රැුඳී සිටි ස්ථානයට ළඟා වීමට ඔවුන් මුදාගැනීමේ මෙහෙයුම්වල නිරත වූ පොලිස් විශේෂ කාර්ය බළකා කණ්ඩායම සමත්ව තිබෙනවා. උදෑසන 7.00ට පමණ අතරමංවූවන් සිටි ස්ථානයට මෙම භට කණ්ඩායම ළඟා වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

අතරමංව සිටි පිරිසට ආහාර ලබාදීමට සහ ප‍්‍රථමාධාර ලබාදීමට භට කණ්ඩායම කටයුතු කර තිබෙනවා. අතරමංව සිට සොයා ගැනුණු පිරිස වනාන්තරයෙන් පිටතට රැගෙන ඒම මේ වන විට සිදුකෙරෙන බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ. දින එකහමාරක පමණ කාලයක් මෙලෙස අතරමංව සිටි පිරිසට කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු 5 දෙනෙකු ඇතුළත් වුණා.

01-1 01-2 01-3 01-5 dsc09952-copy dsc09954 dsc09965 dsc09970 dsc09980 dsc09983 dsc09985 dsc09995