Saturday, April 20, 2024

General line - 0115112241

යොවුන් ආසියානු කුසලාන ක‍්‍රිකට් තරගාවලිය හෙට ඇරඹේ




යොවුන් ආසියානු කුසලාන ක‍්‍රිකට් තරගාවලිය රටවල් 8ක සහභාගිත්වයෙන් හෙට (15) ආරම්භ වනවා. මෙවර එහි සත්කාරකත්වය දරන්නේ ශ‍්‍රී ලංකාවයි.

කණ්ඩායම් 8ක් කාණ්ඩ 2ක් ඔස්සේ මෙවර තරගාවලියට එක්වනවා. ශ‍්‍රී ලංකාව, ඉන්දියාව, මැලේසියාව හා නේපාලය ‘ඒ’ කාණ්ඩයෙන් තරග කරන අතර, පාකිස්තානය, බංග්ලාදේශය, ඇෆ්ගනිස්ථානය හා සිිංගප්පූරුව ‘බී’ කාණ්ඩයෙන් තරග කරනවා.

තරගාවලියේ නිල සමාරම්භක උත්සවය අද පැවැත්වීමට නියමිතයි.