Friday, March 29, 2024

General line - 0115112241

මෝදිගේ දූෂණ වාර්තා රාහුල් ගාන්ධිගේ අතේ ලු




අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දූෂණ කි‍්‍රයා පිළිබඳ තොරතුරු රැසක් තමන් සතුව ඇතැයි එරට කොංග‍්‍රස් පක්‍ෂයේ උප සභාපති රාහුල් ගාන්ධි කළ ප‍්‍රකාශයක් මේ වනවිට ඉන්දියාව පුරා ආන්දෝලනයක් ඇති කර තිබෙනවා.

නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්‍ෂයේ නියෝජිතයන් කියාසිටියේ එම තොරතුරු මොනවා දැයි රටට හෙළි කරන ලෙසයි.

නැතහොත් අග‍්‍රාමාත්‍යවරයාගෙන් සමාව ඉල්ලා සිටින ලෙසද ඔවුන් රාහුල් ගාන්ධිට ප‍්‍රකාශ කර තිබෙනවා.

මීට ප‍්‍රතිචාර දක්වමින් රාහුල් ගාන්ධි කියාසිටියේ අදාළ තොරතුරු තමන් විසින් හෙළි කරන්නේ ලෝග් සභාවේදී බවයි.

එහෙත් ලෝග් සභාවේදී මන්තී‍්‍රවරුන්ට හිමි වරප‍්‍රසාද භාවිත නොකර ලෝග් සභාවෙන් පිටතදී එම තොරතුරු හෙළි කරන්නැයි ආම් ආත්මි පක්‍ෂයේ නායක අර්වින් කෙජිරිවාල් රාහුල් ගාන්ධිට අභියෝග කර තිබෙනවා. රාහුල් ගාන්ධි තවමත් ඊට ප‍්‍රතිචාර දක්වා නැහැ.