Thursday, April 25, 2024

General line - 0115112241

තවත් තරග 04 ක් අද (UPDATE)




ආසියානු කුසලාන යොවුන් ක‍්‍රිකට් තරගාවලියේ තවත් තරග 4 ක් අද (16) ආරම්භ වනවා.

ශ‍්‍ර‍්‍රී ලංකාව සහ මැලේසියාව අතර තරගය මොරටුවේදී පැවැත්වීමට නියමිතයි. ඉන්දියාව සහ නේපාලය අතර තරගයක් කොළඹ සී.සී.සී. කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙනවා. තවත් තරගයක් පැවැත්වෙන්නේ බංග්ලාදේශය සහ සිංගප්පූරුව අතරයි.

එම තරගය ගාල්ලේදී පැවැත්වෙනවා. අනෙක් තරගය පැවැත්වෙන්නේ ඇෆ්ගනිස්තානය සහ පකිස්තානය අතරයි. ඒ මාතර උයන්වත්ත ක‍්‍රීඩාංගණයේදීයි.


පළමු ජය ශ්‍රී ලංකාවට

(Dec 15, 2016 @ 19:33)

19න් පහළ ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තමන් සහභාගි වූ පළමු තරගයෙන් තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා.

ඒ, නේපාල 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම එක් ලකුණකින් පරාජය කරමින්.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් පන්දුවාර 50 තුළ කඩුලූ 8ක් දැවී ලකුණු 227ක් රැස්කළා.

හසිත බෝයගොඩ ලකුණු 83යි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නේපාල කණ්ඩායමට පන්දුවාර 49යි පන්දු 3කදී සියලූදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 226ක් පමණයි.

පන්දුවෙන් දස්කම් දැක්වූ කමිදු මෙන්ඩිස් ලකුණු 37කට කඩුලූ 3ක් දවාගැනීමට සමත් වුණා.