Thursday, March 28, 2024

General line - 0115112241

ප්‍රධාන මාර්ගවලට මුහුණලා මත්පැන් අලෙවිසැල් බැහැ




ජාතික සහ ප‍්‍රාන්ත මහාමාර්ග දෙපස අලුතින් මත්පැන් අලෙවිසැල් ආරම්භ කිරීමට බලපත‍්‍ර නිකුත් කිරීමෙන් වළකින ලෙස ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය එරට ආණ්ඩුවට නියෝග කර තිබෙනවා.

මේ අනුව ඉන්දියාවේ ජාතික සහ ප‍්‍රාන්ත මහාමාර්ග දෙපස පවත්වාගෙන යන සියලු මත්පැන් අලෙවිසැල් වසා දැමීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

ලබන වසරේ මාර්තු 31 වෙනිදායින් පසු එම මත්පැන් අලෙවිසැල්වල බලපත‍්‍ර අලුත් නොකළ යුතු බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ.

මත්පැන් පානය කර රිය පැදවීම සහ අනතුරු අවම කිරීම මෙහි අපේක්ෂාවයි.

පසුගිය වසර තුළ පමණක් ඉන්දියාවේ සිදුවූ රිය අනතුරුවලින් මියගිය සංඛ්‍යාව එක්ලක්ෂ හතළිස් හයදහසක් පමණ වනවා. මෙම මරණවලින් සියයට 5ක් සිදුව ඇත්තේ බීමත්ව රිය පැදවීම නිසා බවයි අධ්‍යයනවලින් හෙළිව තිබෙන්නේ.