Wednesday, April 24, 2024

General line - 0115112241

‘‘ජුවෙල් 2016’’ ඇරඹෙයි




‘‘ජුවෙල් 2016’’ මැණික් හා ස්වර්ණාභරණ ප‍්‍රදර්ශනය අද (16) ආරම්භ වනවා. අද ආරම්භ වන මෙම ප‍්‍රදර්ශනය පුරා දින 3ක් පැවැත්වෙනවා.

මෙම ප‍්‍රදර්ශනය පැවැත්වෙන්නේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණශාලා පරිශ‍්‍රයේයි.

ඒ පිළිබඳ වැඩිදුර කරුණු දැක්වූ රත්න විද්‍යාඥයින්ගේ සංගමයේ සභාපති අජිත් සිරිවර්ධන සඳහන් කළේ මැණික්වලට ආදරය කරන, මැණික් පිළිබඳ විස්තර දැන ගැනීමට කැමති අයට සහ මැණික් පිළිබඳ අධ්‍යනය කරන අයට මෙන්ම මැණික් මිළ දී ගැනීමට අපේක්ෂාවෙන් සිටින අයට මෙම ප්‍රදර්ශනය මහගු අවස්ථාවක් බවයි. මෙම ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන සැමට මැණික් ගලක් නොමිලේ ලබා දීමට සංවිධායකයින් පියවර ගෙන තිබෙන බවද සඳහන් කළා.