Friday, March 29, 2024

General line - 0115112241

සිරියානු හමුදා අලෙප්පෝ නගරය අත්පත් කර ගැනීමට සූදානම් – පූටින්ගෙනුත් ප්‍රකාශයක්




සිරියානු හමුදා අලෙප්පෝ නගරය අත්පත් කර ගැනීමට ආසන්නව සිටින බව විදෙස් වාර්තා පවසනවා.

වසර 4කට වැඩි කාලයක් අලෙප්පෝ නගරය සිරියානු රාජ්‍ය විරෝධී සටන්කාමීන් සතුව පැවතියා.

අලෙප්පෝ නගරය අත්පත් කර ගැනීම සිරියාවේ සටන් විරාමයක් ඇති කිරීමට සහ සාමය ස්ථාපිත කිරීමේ ඉදිරි පියවරක් වනු ඇති බවයි රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටීන් ප්‍රකාශ කර ඇත්තේ.

මේ අතර රුසියානු ජනාධිපතිවරයා ඉකුත් බ්‍රහස්පතින්දා දුරකතනය ඔස්සේ තුර්කි ජනාධිපතිවරයා සමග සාකච්ඡාවකද නිරත වුණා.

එහිදී සිරියාවේ සාම සාකච්ඡා පිළිබඳව නායකයන් දෙපළ අදහස් හුවමාරු කරගෙන ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.