Friday, March 29, 2024

General line - 0115112241

ශ‍්‍රී ලංකා රග්බි පොඩ්ඩන්ට ආසියාවේ තුන්වන තැන




වයස අවුරුදු 19 න් පහළ ආසියානු රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය දිනා ගැනීමට ශ‍්‍රී ලංකාව අද (17) සමත් වුණා.

මැලේසියාවේ පැවති එම තරගාවලියේ ශූරතාව දිනාගත් හොංකොං කණ්ඩායම ලෝක කණිෂ්ඨ රග්බි තරගාවලියට සුදුසුකම් ලබා ගත්තා.

චීන තායිපේ කණ්ඩායම සමග පැවති අද තරගයේ දී ශ‍්‍රී ලංකාව ලකුණු 31 – 25 ක් ලෙස පරජයට පත්වුණා.

ශ‍්‍රී ලංකාව මෙම තරගාවලියේ වාර්තා කළේ එක් ජයග‍්‍රහණයක් පමණයි. ඒ, සත්කාරක මැලේසියාවට එරෙහිවයි.

හොංකොං කණ්ඩායම හමුවේ ද ශ‍්‍රී ලංකාව පරාජයට පත් වුණා. වයස අවුරුදු 19 න් පහළ ආසියානු රග්බි තරගාවලියේ අනුශූරතාව චීන තායිපේ කණ්ඩායම දිනාගත් අතර සිව්වන ස්ථානය සත්කාරක මැලේසියාව දිනා ගත්තා.

15556000_10211645280913896_1799172233_n

rugby-1 rugby-2 rugby-3 rugby-4 rugby-5 rugby-6