Saturday, April 20, 2024

General line - 0115112241

තුර්කි ප්‍රහාරය එල්ල කළ පාර්ශ්වය තවම නිහඬයි (UPDATE)




ආරක්ෂක අංශ සාමාජිකයින් 13 දෙනෙකුට මරු කැඳවමින් තුර්කියේ කයිසරි නගරයේ ඊයේ (17) සිදු වූ ප‍්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකුත් භාරගෙන නැහැ.

බී බී සී ලෝක සේවය පැවසුවේ හමුදා සෙබළුන් රැගත් බස් රථයක් ඉලක්ක කර ගනිමින් කාර් බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වූ බවයි.

ඉන් හමුදා සාමාජිකයින් 13 දෙනෙකු මියගිය අතර තවත් 56 දෙනෙකු තුවාල ලැබුවා.


තුර්කියේ බෝම්බ ප්‍රහාරයකින් හමුදාවේ දහතුනක් මරුට

(Dec 17, 2016 @ 20:49)

තුර්කියේ කයිසරි නගරයේ දී හමුදා සෙබළුන් රැගත් බස් රථයකට එල්ල වූ ප‍්‍රහාරයකින් ආරක්ෂක භටයින් දහතුන් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තවත් 48 දෙනෙකු තුවාල ලබා ඇති බවයි බී බී සී ලෝක සේවය වාර්තා කළේ. ප‍්‍රහාර එල්ල කිරීම සඳහා බෝම්බ සවි කරන ලද මෝටර් රථයක් යොදා ගන්නට ඇතැයි සැක කෙරෙනවා.

ඉකුත් සතියේ තුර්කියේ ඉස්තාන්බුල් නගරයේ සිදු වූ බෝම්බ පිපිරීම් දෙකකින්ද පුද්ගලයින් හතළිස් හතර දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. පසුව එම පිපිරීම්වල වගකීම කුර්දි සටන්කරුවෝ භාරගෙන තිබුණා.

_93008607_kayseri_trukey_2016 _93008667_mediaitem93008666 _93009585__93008664_mediaitem93008663