Thursday, April 25, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා – ද.අප්‍රිකා පළමු තරගය අද




දකුණු අප‍්‍රිකානු තරග සංචාරය ආරම්භ කරමින් ශ‍්‍රී ලංකා කණ්ඩායම අද (18) සිය පළමු තුන්දින ක‍්‍රිකට් තරගයට සහභාගී වනවා.

ඒ, දකුණු අප‍්‍රිකානු ආරාධිත කණ්ඩායමට එරෙහිව පෝචෆ් ස්ට්රූම්හිදීයි.

ශ‍්‍රී ලංකා කණ්ඩායම දකුණු අප‍්‍රිකානු තරග සංචාරයකට එක්වන්නේ වසර 05 කට පසුවයි.

ශ‍්‍රී ලංකාව මෙවර දකුණු අප‍්‍රිකානු කණ්ඩායම සමග ටෙස්ට් ක‍්‍රිකට් තරග 03 කට, පන්දුවාර 20 තරග 03 කට සහ එක්දින තරග පහකට සහභාගී වනවා.

දෙරට අතර පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගය ලබන 26 වන දා ෆෝර්ට් එලිසබෙත්හි දී ආරම්භ වීමට නියමිතයි.