Thursday, April 25, 2024

General line - 0115112241

මේ දවස්වල කඩෙන් කන්නෙ පරිස්සමෙන්




මිනිස් පරිභෝජනයට ගත නොහැකි ආහාර තොගයක් සෞඛය පරීක්ෂකවරුන් විසින් සිදුකළ වැටලීමකදී සොයාගනු ලැබුවා.

මෙම ආහාර ද්‍රව්‍ය තොගයේ වටිනාකම  රුපියල් ලක්ෂ හයක් පමණ වන බවයි සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් සඳහන් කළේ.

කාත්තන්කුඩි ප‍්‍රදේශයේ වෙළඳසැලක තිබී සොයාගත් මෙම මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය කිලෝග‍්‍රෑම් 1500 ක තොගය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් විනාශ කර තිබෙනවා.

ඒ, මඩකලපුව මහේස්ත‍්‍රාත් එම්. ගනේෂරාජාගේ නියෝගයකට අනුවයි.

උත්සව කාලය හේතුවෙන් මේ දිනවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දිවයින පුරා වැටලීම් සිදු කරනවා.

s9890001 s9890002 s9890003 s9890007 s9890008 s9890010 s9890011 s9890012 s9890013