Thursday, March 28, 2024

General line - 0115112241

“තරුණයින් අද වෛරයෙන්”




යහපාලන ආණ්ඩුව බිහි කිරීම සඳහා අත්වැල් බැඳගත් තරුණ ප‍්‍රජාව සමගම එක්ව 2020 වසරේ දී නව රජයක් පිහිටුවන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිරෝෂන් පේ‍්‍රමරත්න පෙන්වා දෙන්නේ වත්මන් ආණ්ඩුව බලයට පත්වීමට පෙර මෙරට තරුණ ප‍්‍රජාව රැවටීමට ලක් කළ බවයි.

එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ “තරුණයන් ඉලක්ක කරගෙන ඔවුන්ව එදා සිහින ලෝකයකට ගෙනිච්චා. මුලින්ම ඔවුන්ගේ ඔළු ඇතුලේ හැදුවා අපි වයි-ෆයි නොමිලෙ දෙනවයි කියලා. ඒ එක්කම රැකියා දශ ලක්ෂයක් දෙනවයි කිව්වා. දින සීයෙන් ගෙවල් පනස්දහසක් හදනවයි කිව්වා. පුංචි කාර් එකකුත් දෙනවයි කිව්වා. එතකොට තරුණයෝ හිතුවා සිහින සැබෑ වෙයි කියලා.. එහෙම හිතක් ඇතුලේ ඡන්දෙ නොදෙන්නෙ කවුද?. හැබැයි අද වෙන කොට ඒ තරුණයන් දැඩි වෛරයකින් මේ ආණ්ඩුව දිහා බලාගෙන ඉන්නවා.” යනුවෙනි.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් පිරිසක් මේ දිනවල ජපානයේ සංචාරයකට එක්ව සිටිනවා. එරට වෙසෙන ශ‍්‍රී ලංකා ප‍්‍රජාව අමතමින් මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියා.

වත්මන් ආණ්ඩුව බිහි කිරීමට එක් වූ සියලු පාර්ශ්ව ඒකාබද්ධ කර ගන්නා බවයි නිරෝෂන් පේ‍්‍රමරත්න මන්ත‍්‍රීවරයා මෙහි දී වැඩිදුරටත් කියා සිටියේ.