Friday, April 19, 2024

General line - 0115112241

දිමුත්ගෙන් සහ කෞෂාල්ගෙන් සාර්ථක ආරම්භයක්




සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ දකුණු අපි‍්‍රකානු ආරාධිත කණ්ඩායම අතර තුන්දින පුහුණු තරගය පෝචෆ්ස්ට්රූම්හිදී අද (18) ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය ශී‍්‍ර ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් දිනා ගත් අතර ඔහු පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව පළමු ඉනිම කී‍්‍රඩා කරන ශී‍්‍ර ලංකා කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර කිසිවෙකු නොදැවී ලකුණු 80 ක් ලබා සිටියා.

දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 41 යි. කෞෂාල් සිල්වා නොදැවී ලකුණු 31ක් ලබා සිටිනවා.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පිල දකුණු අපි‍්‍රකානු තරග සංචාරයකට එක්වන්නේ වසර 5කට පසුවයි.

sl