Friday, April 26, 2024

General line - 0115112241

චාවකච්චේරිය රිය අනතුරින් මියගිය පුද්ගලයින්ගේ මළ සිරුරු ගුවනින් කොළඹට




යාපනය චාවකච්චේරිය රිය අනතුරින් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් 11 දෙනාගේ මළ සිරුරු ගුවන් මගින් රත්මලාන ගුවන් තොටුපොළ වෙත අද රැගෙන ආවා.

මළ සිරුරු රත්මලානේ සිට හොරණ ප‍්‍රදේශයට රැගෙන යාමට සැලසුම් කර තිබුණා. ජීවිතක්ෂයට පත්වූවන් අතරට එකම පවුලේ හත්දෙනෙකුද ඇතුළත්.

ඊයේ (17) පස්වරුවේ ලංගම බස් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවූණා . ජීවිතක්ෂයට පත් වූ සියලු දෙනා වෑන් රථයේ ගමන් ගත් අයයි.

අනතුර ලක් වූ පිරිස හොරණ මිල්ලනිය ප‍්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් සඳහා යාපනය බලා ගමන් ගත් පිරිසක්.

අනතුරින් පුද්ගලයින් 21 දෙනෙකු තුවාල ලැබුවා. අනතුරට හේතුව අධික වේගය බවයි පසුව කළ පරීක්ෂණයේදී අනාවරණ වුණේ.

jaffna-accident-www-nethnews-lk004 jaffna-accident-www-nethnews-lk003 jaffna-accident-www-nethnews-lk002 jaffna-accident-www-nethnews-lk001 jaffna-accident-www-nethnews-lk004