Friday, April 19, 2024

General line - 0115112241

ශි‍්‍ර ලංකා කි‍්‍රකට් පොඩ්ඩන්ටත් ඉන්දීය භීතිකාව




ආසියානු කුසලාන යොවුන් කි‍්‍රකට් තරගාවලියේ සත්කාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සමග පැවැති තරගය කඩුලු 6කින් ජය ගැනීමට ඉන්දීය යොවුන් කි‍්‍රඩකයින් අද (18) සමත් වුණා.

තරගය පැවැත්වුණේ මොරටුව ද සොයිසා කී‍්‍රඩාංගණයේදීයි. පළමුවෙන් පන්දුවට දුන් ශී‍්‍ර ලංකා යොවුන් පිල පන්දුවාර 48 යි පන්දු 5ක් අවසානයේ සියල්ලන් දැවී ලකුණු 207 රැස් කිරීමට සමත් වුණා.

ශී‍්‍ර ලංකා යොවුන් පිලේ මුල් කඩුලු 6, ලකුණු 97ක් තුළ බිඳ හෙළීමට ඉන්දීය පන්දු යවන්නන් සමත් වීම විශේෂත්වයක්.

කෙසේ වෙතත් මැද පෙළ ශක්තිමත් කළ ජෙහාන් ඩැනියෙල් ලකුණු 67ක් රැස් කරමින් ශී‍්‍ර ලංකා යොවුන් ඉනිම ලකුණු දෙසියය සීමාව කරා රැගෙන ගියා. විශ්ව චතුරංග ලකුණු 44ක් රැස් කළා.

ලකුණු 208ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඉන්දීය යොවුන්පිල පන්දුවාර 35 යි පන්දු 5ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ජයග‍්‍රාහී සීමාව පසුකර ගියා.

ශී‍්‍ර ලංකා යොවුන් කී‍්‍රඩකයින් 9 දෙනෙකුම මෙම තරගයේදී පන්දු යැවීම කැපී පෙනෙනවා.

ශ‍්‍රී ලංකාව මෙම තරගය පරාජයට පත්වුවද මෙවර ආසියානු යොවුන් කුසලානයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටිනවා.

ආසියානු යොවුන් කුසලාන කි‍්‍රකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ඉන්දියාව සහ ඇෆ්ගනිස්ථානය අතර ලබන 20 වැනිදා කොළඹ ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

දෙවන අවසන් පූර්ව තරගය ශී‍්‍ර ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම අතර ලබන 21 වැනිදා කොළඹ ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙනවා. අවසන් පූර්ව තරග පැවැත්වෙන්නේ දිවා රාත‍්‍රී තරග ලෙසයි.

15645737_10211655898659333_953361897_n