Friday, March 29, 2024

General line - 0115112241

අසත්‍ය ප්‍රවෘත්ති ගැන පියවර ගන්න යයි




රටේ නිදහස් මාධ්‍ය වාතාවරණය ප‍්‍රයෝජනයට ගනිමින් හා ජන මාධ්‍ය ආචාරධර්ම උල්ලංඝනය කරමින් රජයටත්, ජනාධිපතිවරයා ප‍්‍රමුඛ රජයේ නායකයන්ටත් එරෙහිව නිර්මාණය කළ අසත්‍ය ප‍්‍රවෘත්ති ඇතැම් මාධ්‍ය පළ කරමින් ඇතැයි රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය මහතා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මෙවැනි සාවද්‍ය ප‍්‍රවෘත්ති පළ කිරීමට එරෙහිව දැනට පවතින මාධ්‍ය නියාමන හා නීතිමය යාන්ත‍්‍රණ මගින් අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගැනීමට රජයට සිදුවන බවයි.