Thursday, April 25, 2024

General line - 0115112241

පොලිස් සැරයන්වරයාගේ ඝාතනය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ




ජනාධිපති ආරක්ෂක අංශයට අනුයුක්තව සේවය කරමින් සිටි පොලිස් සැරයන් ටී.ජී. විජේනායකගේ ඝාතනය සම්බන්ධයෙන් තවදුරටත් පොලීසිය පරීක්ෂණ සිදු කරමින් සිටිනවා.

මෙම පොලිස් සැරයන්වරයා පැද වූ බව කියන යතුරු පැදිය ඊයේ සොයා ගැනුනේ මින්නේරිය වැවේ තිබියදීයි. ඝාතනයට ලක් වූ ඔහුගේ වයස අවුරුදු 49ක්.

ඔහු ජනාධිපති ආරක්ෂක අංශ ප‍්‍රධානියාගේ රියදුරා ලෙසටයි සේවය කර ඇත්තේ. මෙම පොලිස් සැරයන්වරයා ඝාතනය කර තිබුණේ පොළොන්නරුව නව නගරයේ නිවසක් තුළදීයි.

කෙසේ වෙතත් ඝාතනය සිදු කළේ කවුරුන්දැයි මෙතෙක් අනාවරණ වී නැහැ.