Friday, April 19, 2024

General line - 0115112241

ශී‍්‍ර ලන්කන් ගුවන් සමාගමේ නිළධාරිනියක් නිසා මාධ්‍යවේදියෙක් අපහසුතාවයට




ජනාධිපතිවරයාගේ මැලේසියානු සංචාරයට සහභාගි වූ මාධ්‍ය කණ්ඩායමේ සිටි සාමාජිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අද (18) අකරතැබ්බයකට මුහුණ දී තිබෙනවා.

ඒ ඔහු රැගෙන ආ අත්බෑගය අස්ථානගත වීමත් සමගයි. මාධ්‍ය කණ්ඩායම පැමිණි ශී‍්‍ර ලන්කන් ගුවන් යානය තුළදී මෙම අත්බෑගය අස්ථාන ගත වි තිබුණා.

පසුව කටුනායක ගුවන් තොටුපොළේ ගුවන් මළු සේවා අංශයේ කාර්ය භාර නිලධාරීනී කාංචනා දේවපි‍්‍රයට ඒ පිළිබඳ දැනුම් දීමක් කළද ඇය අත්බෑගය සොයා දීම සඳහා කිසිදු මැදිහත් වීමක් සිදුකර නැහැ. කටුනායක ගුවන් තොටුපොළේ ගුවන් මළු සේවා සිදු කරනු ලබන්නේ ද ශී‍්‍ර ලන්කන් ගුවන් සමාගම විසින්.

පසුව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධර්ම ශී‍්‍ර බණ්ඩාර ඒකනායක ඇතුළු පිරිසගේ මැදිහත්වීමෙන් අස්ථාන ගත වූ අත්බෑගය සොයා ගැනීමට හැකි වුණා.

ගුවන් මගීන් මෙවැනි අපහසුතාවට පත් වූ අවස්ථාවකදී ඔවුන් වෙනුවෙන් ශී‍්‍ර ලංකන් ගුවන් සමාගම මීට වඩා වගකීමෙන් යුතුව මැදිහත්ව කටයුතු කළ යුතු බවටයි එම අවස්ථාවට එක්ව සිටී මාධ්‍යවේදින් පවසන්නේ.