Wednesday, April 17, 2024

General line - 0115112241

මැතිව්ස් දකුණු අපි‍්‍රකාවේදී අසාර්ථක වෙයි




දකුණු අපි‍්‍රකානු ආරාධිත කණ්ඩායම සමග මේ වන විට පැවැත්වෙන තුන්දින පුහුණු කි‍්‍රකට් තරගයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු නොලබා දැවී ගියා.

ආබාධයට ලක්වීමෙන් පසු ඔහු සහභාගි වූ පළමු තරගය මෙයයි. කෙසේ වෙතත් කුසල් මෙන්ඩිස් දක්ෂ පිතිහරඹයක නිරත වෙමින් පන්දු 64ක් තුළ ලකුණු 51ක් රැස් කළා.

කෞෂාල් සිල්වා ලකුණු 80ක් සහ දිමුත් කරුණාරත්න ලකුණු 71ක් රැස් කරගෙන සිටියදී සිය ඉනිම් අත්හිටුවා පිටියෙන් ඉවත් වුණා.

පන්දුවාර 84ක් අවසානයේ ශී‍්‍ර ලංකා පිල කඩුලු 5ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 315ක්.