Friday, April 19, 2024

General line - 0115112241

යොවුන් පාර්ලිමේන්තු සභිකයින් තෝරා ගැනේ (UPDATE)




යොවුන් පාර්ලිමේන්තුව සඳහා සභිකයින් 160 දෙනෙකු ඊයේ (18) පැවති මැතිවරණයෙන් තෝරාපත් කරගෙන තිබෙනවා.

ඡන්ද මධ්‍යස්ථාන 661ක පැවති ඡන්ද විමසීමේ දී ඡන්දය භාවිත කර ඇති සංඛ්‍යාව එක් ලක්ෂ දහතුන් දහසක්.

එය ඉකුත් වසරට සාපේක්ෂව දෙගුණයක වැඩිවීමක් බවයි ජාතික තරුණ සේවා සභාව පැවසුවේ.

වැඩිම පිරිසක් ඡන්දය භාවිත කර ඇත්තේ උතුරු සහ නැගෙනහිර පළාත්වලින්. මඩකලපුවේ පමණක් සියයට 85 ක් ඡන්දය ප‍්‍රකාශ කර තිබුණා.

යොවුන් පාර්ලිමේන්තුව සඳහා තෝරා ගන්නා මුළු සභිකයින් ගණන 225 ක්. ඉතිරි 65 දෙනා මැතිවරණ කොට්ඨාස මට්ටමෙන් විශ්ව විද්‍යාල, ස්වෙච්ඡා සංවිධාන ඇතුළු විවිධ ආයතන මට්ටමෙන් සම්මුඛ පරීක්ෂණ හරහා තෝරා ගැනීමට නියමිතයි.


යොවුන් පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම තවදුරටත්

(Dec 18, 2016 @ 21:32)

අද පැවති යොවුන් පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්දය ගණන් කිරීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතිනවා.

දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 661ක පැවති ඡන්ද විමසීම අවසන් වූයේ සවස 4ටයි.

අද පැවති ඡන්ද විමසීම් කටයුතු සාර්ථකව සිදුකෙරෙනු බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ පැවසුවා.

යොවුන් පාර්ලිමේන්තුව සඳහා තෝරා ගන්නා සභිකයින් ගණන 160 ක්.

youth-www-nethnews-lk001 youth-www-nethnews-lk002 youth-www-nethnews-lk003 youth-www-nethnews-lk004 youth-www-nethnews-lk005 youth-www-nethnews-lk006 youth-www-nethnews-lk007