Friday, April 26, 2024

General line - 0115112241

තැපෑල බිඳ වැටෙන්න යයි




අද (19) මධ්‍යම රාත‍්‍රියේ ආරම්භ කිරීමට නියමිත සංඛේත වැඩවර්ජනය අනිවාර්යෙන් ක‍්‍රියාත්මක කරන බව තැපැල් වෘත්තීය සමිති පවසනවා. වර්ජනය හේතුවෙන් තැපැල් සේවා රැසක් බිඳ වැටෙනු ඇතැයි තැපැල් වෘත්තීය සමිති පෙන්වා දෙනවා.

තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර සඳහන් කළේ වසර කිහිපයක සිට පවතින සිය ගැටළු සම්බන්ධයෙන් බලධාරීන් මෙතෙක් අවධානය යොමු කර නොමැති බවයි. ඒ අනුව ඉල්ලීම් 07 ක් මුල් කරගනිමින් මෙම වැඩවර්ජනය සිදු කරනවා.

2006 වසරේ සිට මේ දක්වා තැපැල් දෙපාර්තමේන්තුවේ බඳවා ගැනීම් සහ උසස් කිරීම් සම්බන්ධයෙන් සිදු කර තිබෙන දැඩි අගතිදායක තත්ත්වය ඉවත් කර ගැනීම මෙහි මූලික අරමුණක් බවත් සඳහන් කළා.

කෙසේ වෙතත් විෂයභාර අමාත්‍ය එම්. එච්. ඒ. හලීම් පැවසුවේ ගැටළු සඳහා නිලධාරී මට්ටමෙන් විසඳුම් නොලැබෙන්නේ නම් තමා ඊට මැදිහත් වන බවයි.