Friday, March 29, 2024

General line - 0115112241

ඔබාමාගේ විශ්‍රාම දිවිය ගෙවන්න හැඩවෙන කෝටි 80වේ නව නිවහන… (PHOTOS)



අමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා 2017 ජනවාරි 20දා තම ධූරයෙන් සමුගනු ලබනවා. ඉන්පසු අමෙරිකාවේ විශ්‍ර‍ාමික ජනාධිපති බරක් ඔබාමාට ජීවත්වන්නට වෙන්කර ඇති නිවහන මේ දිනවල ලහි ලහියේ ප්‍ර‍තිසංස්කරණය කෙරෙමින් පවතිනවා. ඒ හිටපු ජනාධිපතිවරයකුට අවශ්‍ය ආරක්ෂක විධිවිධාන සහ කාර්යාල පහසුකම් ඇතිවය.

ධවල මන්දිරයේ සිට සැතපුම් දෙකක් පමණ දුරින් පිහිටි Kalorama හි, වර්ග අඩි 8200න් යතු මෙම නිවහන පිහිටා තිබෙනවා. මෙම නිවසේ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 5.3 (රුපියල් මිලියන 790)ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

01 02 03 04 05 06 07 08 09 10 11