Thursday, April 25, 2024

General line - 0115112241

දින ගණනාවක් නිවසක සිර වී සිටි කාන්තාවක් බේරා ගැනේ (PHOTOS)




වවුනියාව කුරුමන්කාඩුව ප‍්‍රදේශයේ නිවසක සිරකර සිටි හැටපස් හැවිරිදි කාන්තාවක් පොලීසියේ මැදිහත්වීමෙන් බේරාගෙන තිබෙනවා. ඒ ප‍්‍රදේශවාසීන් පොලීසියට කළ දැනුම්දීමකින් පසුවයි.

අදාළ කාන්තාවගේ ස්වාමිපුරුෂයා ඇය නිවසේ සිරකර දොරගුළු සියල්ල වසා දමා දින 8කට පමණ පෙර නිවසින් පිටව ගොස් තිබෙනවා.

අදාළ කාන්තාව හඬන ශබ්දය ඇසීමත් සමග ප‍්‍රදේශවාසීන් ඒ බව පොලීසියට දැනුම් දී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

අදාළ කාන්තාව මේ වන විට වවුනියාව රෝහලේ ප‍්‍රතිකාර ලබනවා.

news-www-nethnews-lk003 news-www-nethnews-lk004 news-www-nethnews-lk005 news-www-nethnews-lk006

news-www-nethnews-lk008news-www-nethnews-lk007

news-www-nethnews-lk001

news-www-nethnews-lk002