Thursday, April 25, 2024

General line - 0115112241

මහේල මාලිංගව තබා ගනිද්දි තිසර කී‍්‍රඩක වෙන්දේසියට




ලබන වසරේ පැවැත්වෙන ඉන්දීය පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලිය සඳහා ලසිත් මාලිංග කී‍්‍රඩක වෙන්දේසියට ඉදිරිපත් නොකර සිය කණ්ඩායම තුළ රඳවා ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කළමනාකාරීත්වය තීරණය කර තිබෙනවා.

ඒ සඳහා මුම්බායි ඉන්දියක් කණ්ඩායම ලසිත් මාලිංගට ලබාදී ඇති වටිනාකම ඉන්දිය රුපියල් කෝටි හතහමාරක්. එය ශී‍්‍ර ලංකා මුදලින් රුපියල් කෝටි දහසයකට අධික වනවා.

මෙවර අයි පී එල් කි‍්‍රකට් තරගාවලියේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කරන්නේ මහේල ජයවර්ධනයි.

මේ අතර රයිසින් පූනේ කණ්ඩායම නියෝජනය කරන තිසර පෙරේරා මෙවර කී‍්‍රඩක වෙන්දේසියට නිදහස් කර තිබෙනවා. ඔහුට හිමිව ඇති අවම ලංසුව වන්නේ ඉන්දීය රුපියල් මිලියන 10ක්.

මෙවර අයි පී එල් කි‍්‍රකට් තරගාවලියේ කී‍්‍රඩක වෙන්දේසිය ලබන පෙබරවාරි මස 7 වැනිදා පැවැත්වීමට නියමිතයි.

15591873_10211666549485597_615705659_n