Thursday, April 18, 2024

General line - 0115112241

වාහන පර්මිට් ගැන මැති ඇමතිවරුන් 85කට චෝදනා




පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් 85 දෙනෙකු තීරු බදු රහිත වාහන බලපත‍්‍රය අවභාවිත කරන බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණයට රීට් පෙත්සමක් ගොනු කෙරුණා.

අදාළ පෙත්සම ගොනු කරනු ලැබුවේ නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු විසින්. මන්ත‍්‍රීවරුන්ට හිමි වන තීරු බදු රහිත වාහන බලපත‍්‍රය ඔවුන් වෙනත් පුද්ගලයින්ට අලෙවි කරන බවට ඔහු මෙම රීට් පෙත්සම මගින් පෙන්වා දී තිබෙනවා.

එමගින් රජයට හිමිවිය යුතු බදු ආදායම් විශාල ප‍්‍රමාණයක් අහිමි වන බවයි එහි දැක්වෙන්නේ. එලෙස රජයට අහිමි වී ඇති බදු මුදල රුපියල් බිලියන 7කට අධික වනවා.

පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් විසින් සිදුකරන මෙම කි‍්‍රයාව සම්බන්ධයෙන් මේ වන විට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ද පැමිණිලි කර ඇති බවයි නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු සිය පෙත්සම මගින් පෙන්වා දී ඇත්තේ.

එහෙත් අල්ලස් කොමිසම මෙතෙක් ඒ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර නැහැ. එම නිසා ඒ පිළිබඳ කඩිනමින් විමර්ශනයක් කරන ලෙස අල්ලස් කොමිසමට නියෝගයක් නිකුත් කරන ලෙස ද අදාළ පෙත්සම මගින් ඉල්ලා තිබෙනවා.