Wednesday, April 24, 2024

General line - 0115112241

තුන්දින ක‍්‍රිකට් තරගයේ අවසන් දිනය අදයි




සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප‍්‍රිකානු ආරාධිත පිල අතර පැවැත්වෙන තුන්දින ක‍්‍රිකට් තරගයේ අවසන් දිනය අදයි.

ඊයේ (19) දිනය නිමා වන විට පළමු ඉනිම ක‍්‍රීඩා කරන දකුණු අප‍්‍රිකානු ආරාධිත පිල කඩුලු 8ක් දැවී ලකුණු 285ක් රැස්කර සිටියා. ඒ, ශ‍්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට රැස්කළ ලකුණු 373ට පිළිතුරු වශයෙන්.

පන්දු යැවීමේදී ලහිරු කුමාර කඩුලු 3ක්ද, නායක ඇන්ජලෝ මැතිව්ස් සහ ඩිල්රුවන් පෙරේරා කඩුලු 2 බැගින් දවා ගත්තා.

ශ‍්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් දිමුත් කරුණාරත්න, කෞෂාල් සිල්වා, කුසල් මෙන්ඩිස් සහ ධනංජය ද සිල්වා අර්ධ ශතක වාර්තා කිරීමට ද සමත් වුණා.